186 දධිවාහන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ත්‍රීභූවනාධිපතිවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දෙවදත්ත ස්ථවිරයන් වහන්සේ භජනය කරණ භික්ෂූ කෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වනලද.

මෙහි වර්ථමාන කථාව යටකී ජාතකය හා සමානය. මෙහි සර්වඥයන් වහන්සේ මහණෙනි අසත්පුරුෂයන් භජනය කිරීමෙන් සත්පුරුෂයෝත් නපුරුවන්නාහ. කාරණා කිම්ද යත් කොසඹගස හා අගුල් වැල් එක්වීමෙන් තිත්තවූ අඹගස වැන්නේයයි වදාරා ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාල සේක.
ඒ කෙසේද යත්.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බමුණෝ සතර දෙනෙක් ගිහිගෙය හැර හිමාලය වනයට වැඩ සෘෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදිව පෙළපාළියෙන් පන්සල් ඉදිකොටගෙණ වාසය කරන්නාහ. එසමයෙහි හැමට වැඩි මාළු තාපසයෝ කළුරියකොට දෙදෙව්ලොව දෙවියන්ට නායකව ශක්‍රදේවේන්ද්‍රව උපන්නාහ, ඉපිදි තාපසකම්කොට ශක්‍රභවනයට ආ නියාවත් තමන් මලනු තුන්බෑයන් තාපස කම්කරණ නියාවත් දැක එතුන් බෑයන් ශක්‍රයෝ අවුත් දැක යන්නාහ. එක් දවසක් වැඩි මාළු තාපසයා කරා අවුත්, ස්වාමීනි ඵාසූ අඵාසූ කිම්දැයි උවමනා කිම්දැයි විචාලහ. එවිට තාපසයෝ කියන්නාහූ පාඩු රෝගය ඇති හෙයින් ගින්නෙන් ප්‍රයෝජන ඇත. ඊට උපකාරවව් කීහ. එබස් ශක්‍රයෝ අසා වාසථරසුවයයි යන දෙයක්ද, එක් පිටකින් පෙරලාගන්නා පොරවයයි කියා තෙලෙන් කැමති ප්‍රයෝජනයක් විදුවයි කියා ශක්‍රයෝ තාපසයන්ට දුන්නාහ. තාපසයෝ කියන්නාහූ ශක්‍රයෙනි මේ වෑපොරව, ඇරගෙන මට දරගෙණෙන්නෝ කවුරුදැයි කීහ. එවිට ශක්‍රයෝ කියන්නාහූ නුඹ වහන්සේ අතපිස හින්දදීම දර පලාගෙණ එවයි කියන්නා තෙමේම ගොස් පෙරලා දරපලාගෙණවිත් ගිණිමොලවන්නේයයි කියා වාසී එරසුව දී අනික් මැදිබෑ තාපසකරා ගියේය. ඒ තාපයන් සමීපයට ගොසින් ශක්‍රයෝ කියන්නාහූ තාපසයන් වහන්ස නුඹ වහන්සේට ඵාසූ අඵාසූ කිම්දැයි විචාළාහ. ඒ තාපසයෝ කියන්නාහූ ඇතුන්ගෙන් පන්සල ඇලගෑමෙන් බොහෝ අඵුසුය. එසේ හෙයින් ඇතුන් පහකරණ උපායක් කියවයි කීහ. ශක්‍රයෝ එබස් අසා බෙරයක් දී මේ බෙරය එක් ඇසක් ගසාලන්නා චතුරංගිනි සේනාව උවත් බිඳෙන්නාහ, එක් ඇසක් ගසාලන්නා එකීහිම මිතුරුව සිටිනා හයි කියා බෙරය දී බාල තාපසයන් කරා ශක්‍රයාගොස් ඵාසු අඵාසු විචාරා ඒ තාපසයෝත් තමන්ට පාඩුරෝගයක් ඇති නියාව කියාදී ඊට සෑහෙන යමක් ඇතොත් යහපතැයි කීහ.

එවිට සක්‍රයෝ දී කලයක් දී මේ එකිනෙක තමා පියන්නා මහත් වූ ගංගාවක් වෙයි. කියා දී සක්‍රයෝ ගියාහ. එසමයෙහි එක්තරා පුරෙක් පාළුව ගිය ගමක සාරාකා ඇවිදිනේ අනර්ග මැණිකක් දැක ඒ මැණික කටින් ඩැහැගෙන ඒ මැණිකේ ආනු භාවයෙන් ආකාශයෙන් නික්ම සමුද්‍ර මාද්‍යයෙන් දිවයිනකට බැස සිතන්නේ ඒ ඒ තැන ගොදුරු සොයා ඇවිදින්නට කාරණ කිම්ද මෙතැනම ඉදින් සිතා දිඹුල් ගසක් සමීපයට ගොසින් දිඹුල් ගහ මුල මැණික තබා එහි වැදහොත්තේය. එකලට එක් ගමක මනුෂ්‍යයෙක් දෙමව්පියන් විසින් හරණ ලද එක්තරා පුරුෂයෙක් පටුන් ගමකට ගොස් කුලියට පඩව්වකට නැගී යාත්‍රා කරන්නේය. මුහුදු මධ්‍යයේදී ඩව්ව නැසින එවිට පුරුෂයා ලැල්ලක් බඩ තබා ගෙන පීනන්නාහූ ඌරා වැදහොත් දිවයිනට පාව ගියේය. එතැනට පාව ඌරා වැදහොත් නියාවත් මැණික තිබූ නියාවත් දැක ඌරා මෙතනට ආවේ මැණිකේ ආණුභාවයෙන්මැයි සිතා ඌරා කරා සෙමින් සිට සොල්මන් නොකොට අවුත් මැණික අරගෙණ ආකාශයෙන් දිඹුල් ගසට නැගී සිතන්නේ ඌරා මරා මස් කාපියා ඔබ්බකට නොයෙමි. සිතා දිඹුල් කණ්ඩක් කඩා ඌරා ඇඟට දැයෙමි. එවිට ඌරා පිබිද මැණික ඇසින් නොදැක ඒ ඒ තැන ඇවිද වියරු වැටුනා සේ සොයන්ට වන. ඒ වෙලාවට ගස උඩ උන් පුරුෂයා සිනා සී පිය. එවිට ඌරු උඩ බලා මිනිසා දැක දිඹුල් ගස පළාපියා මිනිසා ඵලා ගෙන නසමි සිතා දිඹුල් ගසට වේගවත්ව ඉසින් ඇන්න වන. ඒ නියාවෙන් දිඹුල් ගසට ඇන තමන්ගේ ඔලුව පලාගෙන තෙමේම මලේය. පුරුෂයා ඌරා මළ බව දැන ගසින් බැස ගිනි ගා ඌරා පුලුස්සා කා එතැන සිට මැණිකෙහි ආනු භාවයෙන් හිමාල වනය බලා ආකාශයෙන් යන්ට වැඩ අතර මග උන් තාපස වරුන් තුන් දෙනා දැක ඉන් පළමු තාපසයන්ගේ පන්සල කෙරේ බැස ඒ තාපසයන් දැක එතැන කීප දවසක් රඳා තාපසයන් ගේ වාසී පරසුවේ ආනුභාවයෙන් දැක මේ මැණික ඇරගන්ට උවමනවයි කියා තමන්ගේ මැණිකේ ආනුභාවය කියා තාපසයෝ එපත් අසා ආකාශයෙන් මාත් ඒ ඒ තැන යන්ට උවමැනවයි සිතා වාසී පරසුව දී මැණික ඇරගත්තාහ. ඒ වාසී පරසුව ගත්තා වූ පුරුෂයා අත පවා තාපසයන්ගේ හිසකපාගෙණ එවයි යැවීය. වාසිඵරසුව එලෙසම ගොස් තාපසයන්ගේ ඉස කපාගෙණ ආය. මැණිකත් ඇරගෙණ එවිට ඒ පුරුෂයා වාසිළු සුව එක් තැනක සඟවා තිවා අනික් තාපසයන් කරා ගොස් මැණික ඇරගෙණ උන් හා කීප දවසක් රඳා බෙරෙහි ආනු භාව දැක මේ බෙරය මා ඇරගන්නට උවමැනවයි සිතා තමන්ගේ මැණිකේ ආනූභාවය කියා තාපසයන් විසින් මැණික ඇරගෙණ බෙරය දුන් පසු ඒ තාපසයන්ටත් ඒ නියායෙන් වාසී පරසුව අතු පායවා තාපසයන්ගේ හිස කප්පා ගෙන්වාගෙන මැණිකත් අරගෙණ අනෙක් තාපසයන් කරා ගොස් උන්ගේ දී කලයෙහි ආනුභාව දැක දී කලය ගෙන්වා පිණිස මැණිකේ ආනුභාවය කියා මැණික දී කලය අරගෙන වාසි පරසුව අත පායවා තාපසයන්ගේ හිස කප්පා ගෙන්වාගෙන මැණිකත් අරගෙන ආකාශයෙන් බරණැස් නුවර කරා ගොස් බරණැස් නුවර සමීපයෙහි සිට රජ්ජුරුවන්ට කියා යවනේ මට රාජ්‍යය හෝ දෙව. යුද හෝ කරවයි කියා මිනිසෙකු අත කියා යැවුය. එවිට රජ්ජුරුවෝ අසා චතුරංගනී සේනාව අරගෙන මොහු අල්ලවමියි නික්මුනාහ. නික්ම පුරුෂයා කරා අවුත් යුදයට වන්නාහ. එවිට පුරුෂ සියල්ලවුන්ම තමාට මිතුරු වන්නා වූ බෙර ඇස ගසාලීය. ඒ වෙලේ බොහෝ සේනාව අවුත් ඒ පුරුෂයා වට කොට ගත්තාහ. එවිට රජ්ජුරුවෝ එසේ වූවත් රාජ දෛර්යෙන් කීප දෙනෙකු අරගෙන බැනගෙන නික්මුණාහ. ඒ වෙලාවට තමාගේ දී කලය නමාපීය. එවිට ගංගාවක් සේ දී වතුර අරගෙන නික්මුණේය. එවිට සතුරුව ඉන්නා බොහෝ දෙනා ඉගුලුනාහ. එවිට අනික් බෙර ඇස ගසා සතුරන් ඒ ඒ තැන යවා වාසි පරසුව අත පැසවා රජජුරුවන්ගේ හිස ගෙන්වා ගත්තාහ. මෙතෙක් සේනාවෙන් එකකතුත් ආයුදයක් සරස් කොට ලම්හයි නොසීතුහ. එවිට බොහෝ දෙන එක්ව ඒ පුරුෂයාට දදිවාහන රජ්ජුරුවෝයයි නම් තබා මහත් කොට පෙරහරින් නුවර ගෙනවුන් ඔටුනු පලන්දා රාජ්‍යයට සලස්ව ගත්හ. ඒ දැදි වාහන රජ්ජුරුවෝ දැහැමෙන් රාජ්‍යය කරන්නාහ. එසමයෙහි දදි වාහන රජ්ජුරුවන් එක් ගඟක ලෝ දැල් එලා නාමින් සිටි සේක. හිමාල වනයෙන් කර්ණිමුද නම් විලින් දේවතාවන් ආනුභව කරන්නවූ අඹ ගසින් අඹයෙක් අවුත් ඒ ලෝ දැල් වල බැඳිනි. ඒ දුටු කෙවුලෝ රජ්ජුරුවන්ට ගෙන ගොස් පෑහ. රජ්ජුරුවෝත් වැද්දන් අතින් විචාරා අඹ රසය අනුභව කොට ඒ කියන අඹ ඇටය උයනේ රෝපනය කරවා ඒ ගස වට බොහෝ සුවඳ ගස් ඇති කරවා දවස් පතා සුවඳ පැන් කිරි පැන් සඳුන් පැන් වත්කරවා ගස නොයෙක් මල් දම් එල්වා සුවඳ දුම් හා සුවඳ පැන් හා ලවා වට කොට පට කඩ තිර ජවනිකා බන්දවා මේ නියායෙන් බොහෝ පෙර හර අඹ කසට කරවූහ. අඹ ගස තුන් අවුරුද්දකින් රන්වන්ව මී අඹ ඵල ගෙන මී හා සමාන රස ඇති විය. රජ්ජුරුවෝ ඒ ගස ඵල අනුභව කොට මේ ඵල ඒ ඒ රජ දරුවන්ට පඬුරු කොට යවමියි සිතා නැවතත් සිතන්නාහ. මේ ඵල රජ දරුවෝ කා ඒ ඇට ඉඳුවා ඇති කලෝ නම් මේ ගස නිස්සාර වෙයි. සිතා අඹ ගෙඩියේ පැලවෙන ස්ථානය මඩු කටු ගසා යුවුහ. ඒ ඒ රජ දරුවෝත් අඹ කා අඹ ඇට ඉඳුවා නැස්පෙන හෙයින් මීට කාරණා කිම්දෝහොයි සිතා පරීක්ෂා කොට මඩු කටු ගසා යවන ලද නියාව දැන ඉන් එක් රජ්ජුරුකෙණෙකුන්ගේ උයන් ගොව්වාත් බරණැස් නුවරට ගොස් දදිවාහන රජ්ජුරුවන්ට තමන් ආ පවත් කියා යවා රජ්ජුරුවන් විසින් ගෙන්වා උයන් ගොව්වෙක් දැයි විචාරන්නා සේ එසේය රජ්ජුරුවන් වහන්ස අකාලයට ඵල ඇති මල් ඇති කිරීම ආදී වු දෙය දනිමියි කියා එබස් රජ්ජුරුවෝ අසා තමන් උයන්ගොව්වා හා කැටිව උයන් බලන ලෙස සැලසූහ. ඒ කියන උයන් ගොව්වා කලට මල් හා ඵල දා ඇති කොට රජ්ජුරුවන්ට පෑය. රජ්ජුරුවෝ සතුටුව පළමුව සිටි උයන් ගොව්වා හැර අමුතුව ආ උයන් ගොව්වාට උයන භාර කොට දුන්නාහ. එවිට උයන්ගොව්වා උයන තමා නතුවූ පසු අඹගස තිත්තාකෙරෙමි සිතා අඹගසට කොසඹගසක් හා අඟුල්වැල් වට ඉඳුවිය. ඒ වැඩීම අඹ ගස මුල් බැඳි ශාඛා හා එක්ව බැඳි අඟුල් වැල් ගස වැළඳ කල්යාමකින් අඹ ගස කොසඹ ගස මෙන් තිත්තව ගියේය. තමා ආ කාරී සිද්දව ගිය හෙයින් උයන් ගොව්වා තමා නුවරට පළා ගියේය. එවිට රජ්ජුරුවෝ එක් දවසක් මඟුල් උයනට ගොස් අඹ කමියි සිතා අඹ කා කොසඹ කොල සැපුවා සේ තිත්ත විසින් රජ්ජුරුවෝ කාරා බිමට දැමූහ. බොධි සත්වයෝ ඒ රජ්ජරුවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුසාසනා කරන්නාවූ අමාත්‍යයව ඉපිද රජ්ජුරුවන් ලඟ සිටියාහ. රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට කියන්නාවූ අමෘත්ත වූ අඹ ගසට කළ මනා ප්‍රතිකාරයෙන් අඩුවක් නැත. තිබියදී තිත්ත වන්ට කාරණය කිමදැයි විචාළීය. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ දදිවාහන රජ්ජුරුවන් වහන්සේ කොසඹ ගස් අඟුල්වැල් නිසා මවනැයි කීහ. එවිට රජ්ජුරුවෝ කොසඹ ගස් අඟුල් වැල් කප්පවා දම්මවා තිත්ත වූ පස්ද අද්දවා දම්මවා මිහිරි පස් ලවා කිරිපැන් සඳුන් පැන් වත්කොට පෙදෙසේ පනත් කළාහ. පළමු උයන් ගොව්වාට උයන පාවාදුන්නාහ. අඹ ගස පෙරසේම මිහිරි රස ඇතිවීයයි වදාරා දදිවාහන ජාතකය නිමවා වදාල සෙක්. එසමයෙහි අමාත්‍යයව උපන්නෙම් ලොව්තුරා බුදු වූ මම්ම යයි දක්වා වදාළසේක.

New layer...