132 ඝසන ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක්තරා භික්ෂු කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද, එක්තරා භික්ෂු කෙණෙකුන් වහන්සේ පිටිසර ගමක වස්වසන්ට පළමු තුන්මස පන්සල ගිණිවැද දාගිය විසින් උපාසකවරුන්ට එපවත් කියා උපාසකවරුන් විසින් සී සාම්හ වැට බඳිම්හ යනාදී කී කී දවස්ම අවුත් කිය කියා තුන්මසම ගණය නොනැගූහ, විහාර ඵාසු මදහෙයින් අධිගමයක් වන්නා තබා ආලෝකයක් පමණකුත් උපදවාගත නුහුණුවාහුය, මේ නියායෙන් දවස් ඇරවස් ඉක්බිති බුදුන් කරා අවුත් වැඳ එකත්පස්ව වැඩඋන්සේක. සර්වඥයන් වහන්සේ සුවදුක් විචාරා ඇයි මහණෙනි ගිය කාරිය මුදුන් පැමිණියේ දැයි විචාරන්නෝ විහාර අඵාසුහෙයින් භාවනාකරන්ට නුවූයේයයි දන්වන්නා ඵාසු ගොසින් උවත් භාවනාකරන්ට එපාදැයි පෙර පක්ෂීහු පවා තමන් උන්තෙන අඵාසුහෙයින් ඔබ්බට ගොසින් වාසය කළෝවේදැයි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගියදවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ පක්ෂීව බොහෝ පක්ෂීන්ට රජව ඉපද ගඟක් සමීපයෙහි වාසය කරණසේක, එසමයෙහි බොහෝ පක්ෂි ගඟට නැමී තිබෙන අත්තෙක ඉඳ වර්‍චස්කරන්නාහ, උන් වසන ගස ගින්නෙන් දවන්ට උවමැනවැයි සිතා රාත්‍රියෙහි පක්ෂීන් එකසිම ගසට රැස්ව උන් වේලාවට පළමුකොට විෂධූමයක් අළේයැ ඉන් ඒ ගඟ පැන් උනුකරවා පිය දෙවෙනිව ගිණිකඳ අළේය. ඉන් දුම්කඳ පැන නැංගේය, තුන්වෙනිව අල ගිණිකඳින් නාඹතල්කඳසා ගිණිකඳ පැණ නැංගේය, ඒ දුටු බෝධිසත්වයෝ ගින්නට විරුද්ධ වු දියෙන් ගිණිකඳ පැණ නැගී අවස්ථාවෙහි අපි මෙතන ඉඳීම කාරණා නොවෙයි කීවා කරණ පක්ෂීන් ගණනක් ඇරගෙණ ඔබ්බට ගියේ වේදැයි වදාරා එසමයෙහි පක්ෂව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාරා ඝසන ජාතකය නිමවා වදාළසේක.