92 මහාසාර ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි මුළුලොවට උතුම්වූ රූපකාය සමපතතියෙන් හා ධර්‍මකාය සම්පතතියෙන් යුකතව දසබල චතුර්‍වෛසාරiාදීවූ ගුණයෙන් විරාජමානවූ අප තිලෝගුරු සම්මාසම්බුදුරජානන්වහන්සේ සැවැත්නුවර නිසා දෙව්රම්වෙහෙර වැඩවසනසේක්. මේ මහාසාර ජාතකය ආයුෂ්මතවූ අනඳමහ තෙරුන්වහන්සේ අරභයා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්

එක්සමයෙක්හි කොසොල් රජ්ජුරුවන්ගේ පුරසත්‍රීහු මෙසේ සිතුවාහ. බුඬොත්පාදකාලයනම් ඉතා නොලදහැක්කේය. මනුෂ්‍යාත්මභාවයද එසේ ලද නොහැක්කේය. චක්‍ෂුරාදී පංචන්‍ද්‍රියන්ගේ සම්පූර්‍ණතාවය ලැබ ගැන්මත් එසේම දුර්ලභ වන්නේය. අපිද මෙබඳුවූ බුඬොත්පාදය හා ක්‍ෂණ සම්පතතියත් ලැබගෙණ අපගේ අභිප්‍රායෙන් දෙව්රම්වෙහෙරට ගොස් බුදුන්ගේ මධුරවූ ධර්‍මම දේශනා අසන්ට හෝ වේවයි දන්දෙන්ට හෝ වේවයි නොලබම්හ, මැදිරියෙක ලූවන්මෙන් වාසයකරම්හ, මහරජ්ජුරුවන්වහන්සේට දක්වා අපට බණ කියන්ට සුදුසු භික්‍ෂූකෙණෙකුන් වහන්සේ ගෙන්වා ගෙණ උන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසාම ඒ පාලිධර්‍මයෙන් යම් යම් විවරක් ඉගෙණගතමෝ නම් එබඳු ධර්‍මයකුත් ඉගෙණගනුම්හ. දානාදීවූ පින්කමුත් කොට ගණුම්හ. එසේකල්හි මේ ක්‍ෂණ සමපතතිය අපට සඵලවන්නේය’’යි ඔහු හැමදෙනම රජ්ජුරුවන් සමීපයට ගොසින් තමන් හැම සිතුකාරණය රජ්ජුරුවන්ට දැන්නුවාහුය, රජ්ජුරුවෝ එබස් අසා යහපතැයි ගිවිස්වාහුය. නැවත එක්දවසත් රජ්ජුරුවෝ උයන් කෙළිනා කැමැත්තෝ උiානපාලකයා ගෙන්වා උයනෙහි මිනිස්කෙණෙකුන් ඇත්ත නැත්ත පරීක්‍ෂාකොට එවයි නියෝග කළ කල්හි උiානපාලකයා තෙමේ උයනේ මිනිසුන් ඇත්ත නැත්ත පරීක්‍ෂාකොට ඇවිදිනේ එක්තරා රුකක්මුල සර්‍වඥයන් වහන්සේ වැඩඋන්නියාව දැක රජ්ජුරුවන් සමීපයට උiානපාල තෙමේ ගොස් දේවයන්වහන්ස උයනේ අන්කිසිවෙකුත් නැත. තවද සම්මාසම්බුදුරජානන්වහන්සේ එක්තරා රුකක්මුල වැඩඋන්සෙක්යැ කීයේය, යහපතැයි කෝසලරජ්ජුරුවෝ සර්‍වඥයන් වහන්සේ සමීපයෙහිදී බණත් අසා ගණුම්හයි සරහා පිළියෙල කරනලද උතුම්වූ රථවාහනයකට නැගී සර්‍වඥයන්වහන්සේ සමීපයට ගියාහ. එසමයෙහි ඡතතපානි නම් අනාගාමී උපාසකයෙක් සර්‍වඥයන්වහන්සේ සමීපයෙහි බණ අසමින් උන්නාහුය, එසේ බණ අසමින් උන් උපාසකයන් රජ්ජුරුවෝ දැක කීමෙක්දෝහෝයි සංකාවෙන් මදවේලාවක් බලාසිට නැවත මෙසේ සිතූහ. ඉඳින් මේ ලාමක පුරුෂයෙක්වීනම් සර්‍වඥයන් සමීපයෙහි ඉඳබණ නොඅසන්නේය. මොහු අලාමක පුරුෂයෙක්හුම වියයුතුයයි සිතින් සිතා සර්‍වඥයන් වහන්සේ කරා එලඹ පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව උන්හ. උපාසකයෝද බුඬගෞරවයෙන් රජ්ජුරුවන් දැක නැගී සිටීමක්වත් වැඳීමක්වත් නොකළාහ. ඒ කාරණයෙන් රජ්ජුරුවෝ ඔහු කෙරෙහි නොසතුටුසිත් ඇතිවූහ. ශාසතෘවූ සම්මාසම්බුදුරජානන්වහන්සේ රජ්ජුරුවන්ගේ සිත අසන්තුෂටනියාව දැන වදාරා උපාසකයන්ගේ ගුණ රජ්ජුරුවන්ට වදාළසේක. මේ උපාසකයෝ බොහෝ ඇසූපිරූතැන් ඇත්තෝය, අනාගාමී මාර්‍ගඵලයෙහි පිහිටි කෙණෙක, වසතුකාම කෙලශමාකයෙහි අලග්න සිත් ඇතිවූ බලවත්වූ උපාසක කෙනෙකැයි වදාළසේක.

රජ්ජුරුවෝ සිතන්නෝ මේ පුරුෂතෙම ලාමක එකෙක් නොවන්නේය, මොහුගේ ගුණ බුදුහු පවා වර්‍ණනාකළසේකැයි සිතින් සිතා උපාසකයන්ට මෙසේ කීහ. උපාසකයෙනි තොපට යම්කිසි වසතුවකින් ප්‍රයෝජනයක් ඇත්තේවීනම් ඒ අපට කියවයි කියා කීහ. උපාසකයෝද යහපත සවාමීනි පිළිගත්තාහුය. රජ්ජුරුවෝ ද සර්‍වඥයන්වහන්සේගෙන් මධුරවූ ධර්‍මදෙශනාව අසා වැඳ තුන්යලක් පැදකුණුකොට රජගෙට නැගී ගියහ. තවද එක්දවසක් කොසොල් රජ්ජුරුවෝ තමන් වසන මතුමහල්තලයෙහි සිටුමැදුරුකවුළුව හැර ඇතුළුවීථිය බලා සිටියේ පෙරවරු බත් අනුභවකොට පත්කුඩයක් ඉසටකොට ගෙණ රජ්ජුරුවන්ගේ මාලිගාව සමීපයෙන් දෙව්රම්වෙහෙරට යන්නාවූ ඡතතපාණි නම් උපාසකයා දැක රාජපුරුෂයන් යවා ගෙන්වා ගෙණ මෙසේ කීහ. උපාසකයෙනි තෙපි බොහෝ ඇසූපිරූතැන් ඇතිහෙයින් බහුශෘතය අපගේ පුරසත්‍රීහු බණ අසන්නා කැමැත්තෝය. පාලිධර්‍මයෙන් කිසිවක් ප්‍රගුණකොට ගන්නා කැමැත්තාහු වෙති, ඉදින් තෙපි පුරසත්‍රීන්ට බණ කියා පාලිධර්‍මයන් ප්‍රගුණ කරවා ලියා එවුනම් යහපතැයි කීහ. උපාසකයෝ කියන්නාහු මහරජ ගිහිගෙයි සිටි කෙණෙකුන් විසින් පුරගෙවල බණ කියන්ට හෝ වේවයි බණ උගන්වන්ට හෝ වේවයි සුදුසු නොවන්නේය. භික්‍ෂූන්වහන්සේටම ඒ කටයුත්ත සුදුසුයයි කීහ, එකල්හි රජ්ජුරුවෝද උපාසකයන් කීබස් ගිවිස යහපත තෙපි යවයි උපාසකයන් නික්මවා පුරසත්‍රීන් ගෙන්වාගෙණ භද්‍රාවෙනි තොපි හැමදෙනාටම බණ කියනු පිණිස ධර්‍මය උගන්වනු පිණිස සර්‍වඥයන් වහන්සේ සමීපයට ගොසින් එක් භික්‍ෂුකෙනෙකුන් වහන්සේ ඉල්වම්, අසූමහසව්වන්වහන්සේගෙන් කවර කෙනෙකුන් වහන්සේට ආරාධනා කෙරෙම්දැයි කියා විචාළහ. ඔහු හැමදෙනඑක්ව කථාකොට ධර්‍මභාණ්ඩාරික අනද මහතෙරුන්වහන්සේම කැමතියයි කීහ. රජ්ජුරුවෝ සර්‍වඥයන්වහන්සේ සමීපයට ගොස් වැඳ එකත්පස්ව උන්නාවූ රජ්ජුරුවෝ බුදුන්ට මෙසේ දැන්වූහ. සවාමීනි අපගේ පුරසත්‍රීහු අනඳමහතෙරුන්වහන්සේ සමීපයෙහි ධර්‍මය අසන්ටද උගන්වන්ටද කැමති වන්නාහුය, ඉදින් අනදමහතෙරුන්වහන්සේ දවස දවස රජගෙට වැඩ අපගේ අනතඃපුර වාසීන්ට බණ වදාරා උන්ගේ සක්ති පමණින් පාලිධර්‍මයන් වණපොත් කරවා වඩිනාසේක්වීනම් යහපතැයි කියා දැන්වූහ. බුදුහු යහපත මහරජයි රජ්ජුරුවන් කීබස් පිළිගෙණ එපරිද්දෙන්ම අනදමහතෙරුන්වහන්සේට නියෝගකොට වදාළසේක. එතැන්පටන් ගෙණ රජ්ජුරුවන්ගේ පුරසත්‍රීහු අනදමහතෙරුන් වහන්සේ සමීපයෙහි බණ අසන්නාහුද වන පොත් කරන්නාහුද වෙත්. එසමයෙහි එක්දවසක් රජ්ජුරුවන් පලඳනාවූ චූඩාමාණික්‍යය සොරුන් විසින් ගත්බව අසා අමාත්‍යයන්ට මෙසේ නියෝගකළහ. රජගෙට සියළු අභ්‍යන්තර ජනයාම අල්වාගෙණ තොප දන්නා නියායකින් මැණික පවත්කරවා දෙවයි විධාන කළහ. එබස් ඇසූ අමාත්‍යයෝ රාජභවනයෙහි අභ්‍යන්තර සත්‍රීන් ආදිකොට ඇති සියල්ලන් අතින් මැණික තොප ගතුදැයි විචාරා බොහෝ ජනයාහට පීඩාකරන්නාහුය. එදවස් අනදමහතෙරුන්වහන්සේ යම් මේ සත්‍රීහු පළමු තෙරුන්වහන්සේ දැක තුටුපහටුව බණ අසන්නාහු වෙද්ද පාලිධර්‍මය පුහුණු කරන්නාහු වෙද්ද එලෙස නොව වීක්‍ෂෙපයට පැමිණියාවූ සියල්ලවුන්ම දැක මෙසේ විචාරා වදාළසේක, අද කවර කාරණයකින් තෙපි හැමදෙනම මෙබඳු වික්‍ෂෙපයට පැමිණියාදැයි විචාරා වදාළසේක. එකල්හි සත්‍රීහු මහතෙරුන්වහන්සේට මෙසේ කීහ. සවාමීනි රජ්ජුරුවන් වහන්සේගේ චූඩාමාණික්‍යය අපවත්ව ගිය හෙයින් පවත්කරම්හයි කියා අමාත්‍යයෝ වල්ලභ සත්‍රීන් පටන් ඇතුළුගෙයි බොහෝ ජනයා පීඩාකරන්නාහුය. කාට කුමක්යනබවත් නොදන්නාහෙයින් වික්‍ෂෙපව සිටිම්හයි කීහ. මහතෙරුන්වහන්සේද තොපි හැම ඊට සෝක නොකරවයි ඒ පුරසත්‍රීන් හැමදෙනම අස්වසා රජ්ජුරුවන් සමීපයට වැඩ පණවනලද ආසනයෙහිලා වැඩඋන්සේක, මහරජ තොපගේ චූඩාමාණික්‍යය සොරුන් විසින් ගන්නාලදැයි විචාළසේක. එසේය සවාමීනි කියා කීය. ඉක්බිත්තෙන් තෙරුන්වහන්සේ වදාරණසේක් මහරජ මැණික පවත්කරවාගන්ට නොපොහොසත්තුදැයි වදාළසේක. සවාමීනි රජගෙයි අභ්‍යනතරව හිඳිනා සත්‍රීන් පටන් සියල්ලවුන්ම අල්වාගෙණ ගහටකොට විචාරත් මැණික පවත්කරවාගන්ට නොපිළිවන්වීයයි කීහ. තෙරුන්වහන්සේ වදාරණසේක් මහරජ බොහෝ දෙනාට පීඩානොකොට මැණික ඇරගන්ට උපායෙක් ඇතැයි වදාළසේක. සවාමීනි කවර උපායෙක්දැයි විචාළහ. පිදුරු ඇදීමෙන මහරජ වදාළසේක. සවාමීනි කවර පිදුරු ඇදීමෙක්දැයි විචාළහ. මහරජ යම්පමණ ජනයාකෙරේ සැක ඇත්නම් ඒ ඇමදෙනම ගණන්කොට එකී එකී කෙණෙකුන් අතට එකී එකී පිදුරුකැටියක් හෝ මැටිපිඩක්දී මේ උදාසන්හිම අසෝතැනලාපියවයි කිය යුතුවන්නේය, යමක්හු විසින්ම මැණික ගන්නාලද්දේවීනම් ඒ තමා ඇරගත් මැණික පිදුරු මැටි ආදියෙහි නොපෙණෙන පරිද්දෙන් වසාගණ අවුත් දමාපියන්නේය, මහරජ මෙසේ කළ කල්හි ඉදින් පළමු දවස්ම මැණිකලාපුනම් යහපත්මය, ඉදින් නුළුවෝනම දෙවෙනිදවසුත් තුන්වෙනිදවසුත් එසේම කරවිය යුතුවන්නේය, එසේකල්හි බොහෝ දෙනාට පීඩා නොවන්නේය. මැණිකද පවත්නේයයි වදාළසේක, තෙරුන්වහන්සේ රජ්ජුරුවන්ට මෙසේ කියා විහාරයට වැඩිසේක. රජ්ජුරුවෝද තෙරුන්වහන්සේ වදාළ පරිද්දෙන්ම තුන්දවසක් මෙම ක්‍රමයෙන්ම කරවූවාහුය, රජ්ජුරුවන් මෙසේ නොයෙක් සැටියෙන් උත්සාහකළෝ නමුත් සොරු තමන් ඇරගත් මැණික නුදුන්නාහුය, තෙරුන්වහන්සේ තුන්වෙනිදවස් රජගෙට වැඩ කිමෙක්ද මහරජ මැණික ලදුදැයි විචාළසේක. සවාමීනි සොරු මැණික අපට නුළුහයි කීහ. එසේවීනම් මහරජ මතුමහල්තලයෙහි පිළිසන්තන්හි දියසැලක් තබ්බවා වටාතිරයක් මුවාකරවා රජගෙහි අභ්‍යනතරයෙහි සියළු සත්‍රීන්ටද කුදුන් රැකවලුන් ද ආදීවූ සියළු පුරුෂයන් උතුරුසළුවක් පොරවාගෙන අවුත් ඒ දියසැලබලා එන්ට නියෝගකරවයි කීයේය, ඒ භාණ්ඩාගාරික අනද මහතෙරුන්වහන්සේම මේ අධිකරණය තමන්වහන්සේට භාරකොට ගත්සේක. ඒකාන්තයෙන් මැණික පවත්කරවා විනා නොවළකිනාසේක, ඒ තමාගෙණ හිඳීම කාරණා නොවන්නේය, මෙවිට මේ මැණික ගෙණගොස් රජගෙයි ලාපියවයි සිතා සොරු දියසැලෙහි මැණික ළූයේය. මැණික ලබන ලදැයි සතුටුවූ රජගෙයි සියළු සත්‍රී පුරුෂයෝද තෙරුන්වහන්සේ නිසා මෙවෙනි මහදුකින් මිදීගියෙම්හයි කියා සතුටුවූහ. තෙරුන්වහන්සේගේ ආනුභාවයෙන් රජ්ජුරුවන් වහන්සේගේ චූඩාමාණික්‍යය පැවැත්වූයේයයි කියා තෙරුන්වහන්සේගේ ප්‍රඥාආනුභාවය සියලු නුවරද භික්‍ෂූසංඝයාවහන්සේ කෙරෙහිද ප්‍රසිඬවූයේය,එකල්හි දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ සීලසමාධි ප්‍රඥාවිමුක්තිඥාන දර්‍ශනාදියෙන් යුක්තවූ මහාකාශ්‍යප සථවිරයන් ප්‍රධානවූ භික්‍ෂුසංඝයා වහන්සේ තෙරුන්වහන්සේගේ ගුණකථනය කෙරෙමින් වැඩඋන්සේක. ඇවැත්නි අනදමහතෙරහු තමන්ගේ බහු,ශෘතභාවය හේතුකොටගෙණ පණඩිත සවභාවයෙන් උපායෙහි තමන් දක්‍ෂහෙයින් බොහෝදෙනාට පීඩානොකොටම උපාශකතියෙන් රජ්ජුරුවන්ට මැණික ඇරගෙණ දෙව්හයි කියා මෙවෙනි කථාවෙන් උපලක්‍ෂි තව වැඩ උන්කල්හි සුරාසුරවර චක්‍රවාරු චූඩාමාණික්‍ය මරිචිසංචය පරිචුඹිත චරණනඛ මයූඛ ඇති තිලෝක සවාමීවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ ශ්‍රීගන්‍ධකූටියෙහි වැඩහිඳ දිව්‍යශ්‍රෙත ධාතුයෙන් ඒ භික්‍ෂූන්වහන්සේ කියමින් උන් කථාප්‍රබන්‍ධය අසාවදාරා මේ භික්‍ෂූහු ආනන්‍ද සථවිරයන්ගේ ගුණකථනය කෙරෙමින් උන්නාහ, එතනට ගිය කල්හි තමන් කියමින් උන් කථා මට කියන්නාහුය. මම අත්‍රේ‍ඵාත්පතති කොට ගෙණ සම්ප්‍රාප්ත පිරිසටද ධර්‍ම දෙශනා කෙරෙමින් ඒ මාගේ දෙශනාව ඇසූ සවර්‍ගමොක්‍ෂ දෙකට කාරණාවන්නේයයි සිතා වදාරා තුන්තරාගමනින් එක්තරා ගමණකින් දම් සභාමණඩපයට වැඩ පනවනලද බුඬාසන මසතකයෙහි වැඩහිඳ සශ්‍රීකවූ ශ්‍රී මුඛපත්මය විවෘතකොට සියළු දම්සභා මණඩපය එකපැතිර සුවඳකරමින් අෂටාඞගයෙන් යුත්කවූ මධුරඝොෂා පවත්වා මහණෙනි මා එන්නාට පූර්‍ව භාගයෙහි කවරනම් කථාවකින් උපලක්‍ෂිතව උන්නුදැයි විචාරා වදාළසේක. එකල්හි අසූමහසව්වන්වහන්සේගෙන් එක්කෙනෙකුන්වහන්සේ නැගීසිට සකස් කොට හැඳ පොරවාගෙණ බඬාංජලීව දොහොත්මුදුනෙහි තබාගෙණ ඵලගත් රුකක්මෙන් නැමීසිට මෙසේ දැන්වූසේක. සවාමිදරුවන්වහන්සේ නොකියන්ට වදාළ රාජ කථා චෝර කථා ඉත්ති කථා ධූර්ත කථා පාන කථා යනාදීවූ දෙතිස්කථාවෙන් උපලක්‍ෂිතව උනුමෝ නොවම්හ, ආනන්ද ස්ථවිරයන් ගේගුණ කථනය කෙරෙමින් මෙතෙකින් උපලක්ෂිතව උනුම්හයි කියා දැන්වූ කල්හි ‛‛එම්බා මහණෙනි අනුන් හැරගත් වස්තුව ආනන්ද ස්ථවිරයෝම දැන් ඇර දුන්නාහු නොවෙති පුරාතනයෙහි නුවනැත්තෝද බොහෝ ජනයාට පීඩා නොකොට තමන්ගේ ප්‍රඥානුභාවයෙන් තිරිසනුන් අතට පැමිණියාවූ වස්තුව පවා ගෙණහැර දෙව්වෝදැයි’’ වදාරා ඒ භික්ෂූන්වහන්සේ විසින් ආරාධිතවූ බුදුරජානන්වහන්සේ ඉකුත්වත් කථාව ගෙනහැර දක්වා වදාළසේක.

හේ කෙසේ දැයි යතහොත්

එසමයෙහි බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ නම් දැන් මේ භාණ්ඩාගාරක අනඳමහතෙරහුය, ප්‍රඥාසම්පන්න වූ අමාත්‍යයෝ නම් දෙවාති දෙවවූ සර්වඥපදප්‍රාප්තවූ දැන් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

එකල්හි බෝධිසත්වයෝ මෙසේ සිතූහ, මේ මහාසාර නම් පළඳනාව අභ්‍යන්තරයෙහි අපවත්වූයේය. මේ පළඳනාව ඇරගතැයි යන පුරුෂතෙමේ පිටත සඤචාරණය කරණ එකෙක, උයන් දොරකඩ ආරක්‍ෂාවෙහි පුරුෂයෝ සිටියාහ, එහෙයින් පිටත එකෙක් තබා අභ්‍යන්තර එකෙකුත් වස්තුව හැරගෙණ පලායන්ට අවකාශයෙක් නම් නැත්තේය, එසේ හෙයින් පිටතින් ආ කෙනෙකුන්ටවත් ඇතුළේ සිටි කෙනෙකුන්ටවත් ඇරගන්ටවත් කාරණයෙක් නොපෙණෙන්නේය, මේ දුක්පත් මිනිසා විසින් සිටානන්ට දෙනලදැයි කියා කියන්නම් තමා ගැලවෙනු පිණිස කියයුතුවන්නේය. පුරෝහිතයන්ට මා විසින් දෙනලද්දැයි කියන්නාවූ සිටානන් විසිනුත් පුරුෂයෝ රාජඞ්‍යාසයෝය, ඌ ගැලවෙන්නම් මමත් ගැලවෙමි සිතා කිවාහු වන, ගාන්‍ධර්‍වයාට මා විසින් දෙන ලදැයි කියන පුරෝහිතයන් විසිනුත් ගාන්‍ධර්‍වයා නිසා සැපසේ ඔවුන් හා කථා කොට ඉඳුම්හයි කියා කීයේ වන, වෛශ්‍යාවට මා විසිනුත් දෙනලදැයි යන ගාන්‍ධර්‍වයන් විසිනුත් උකටලීයක් නැතිව වෛශ්‍යව හා කථාකරමින් ඉඳුම්හයි සිතා කීයේ වන මුන් පස්දෙනාම නොසොර වියයුතුය. මඟුල් උයනෙහි වඳුරෝ බොහෝකොට ඇත්තාහුය, මේ පළඳනාව එක්තරා වැඳිරියකගේ අතට පැමිණෙන්ට කාරණයයි සිතා එකල්හි බෝධිසත්‍වයෝ රජ්ජුරුවන් කරා එළඹමහ රජ තෙල සොරුන් අපට භාරකළ මැනව, අපි ඒ විචාර සුඬකොට දෙම්හයි කීහ. රජ්ජුරුවෝද යහපත පණ්ඩිතයෙනි ඒ තොපට භාරය, විචාරා පවත් කරවා දෙවයි කියා පස්දෙනාම පණ්ඩිතයන්ට පාවාදුන්හ එකල්හි බෝධිසත්‍වයෝ තමන්ගේ අතවැසි පුරුෂයන් ගෙන්වා පස්දෙනම එකසිරයක ලවා වට කොට රැකවල් ලවා මොහු පස්දෙන ඔවුනොවුන් හා යම් යම් කථාවෙක් කෙරෙත්නම් කන්දී අසාගෙණ සිට ඇසූදෙය මට අවුත් කියවයි කියා කීහ. පණ්ඩිතයන්ගේ පුරුෂයෝද එපරිද්දෙන්ම කළාහුය. ඉක්බිති මනුෂ්‍යයන් කාබී ඇතුළුනුවේලෙහි සිටානෝ ගොවියාට මෙසේ කිහ. එම්බල දුෂ්ටවූ කොල ගැහැටිය තෝ කවර දවසෙක්හි මා දුටු විරූද මම කවර දවසක දිටිම්ද කවර දවසෙක්හි තෝ මට දනීදැයි විචාළහ. එකල්හි ගැහැවි තෙමේ කියන්නේ ස්වාමීනී මහසිටානෙනි මට නොකිපෙව මැනව, මහාසාර නම් පළඳනාවක් තබා මහාසාර යයි යන නම් ඇති ඇඳක් පුටුවකුත් මා දිටූවිරූ නැත, සිටානන්වහන්සේ රාජවල්ලභසේක, ගැලවීමක් වේනම් දෙන්නම එක්ව ගැලවීයම්හයි කියා ජීවිත ආසාවෙන් කීම් කීහ. එකල්හි බමුණානෝද සිටානන්ට මෙසේ කීහ, ‛‛ මහ සිටානෙනි තොපට තුලු නුදුන් පළඳනාව තෙපි මට දිතිමි කුමක් නිසා කිව්දැයි විචාළහ. එකල්හි සිටානෝ කියන්නාහු අපි දෙදෙනෙම ඉසුරුමත්ව පධානව සිටියම්හ, එසේවූ අප දෙදෙනා එක්ව සිටිකල්හි කාරිය සිද්ධිය වහා පැමිණෙන්නේ යයි සිතා කීම් කීහ. එකල්හි ගාන්ධර්වයා ද පුරෝහිතයාට මෙසේ කීහ, ‛‛බමුණ තොප විසින් කවර දවසෙක පළඳනාව මට දෙනලද්දේ දැ’’යි විචාළහ. එකල්හි පුරෝහිත බ්‍රාහ්මණතෙම කියන්නේ එම්බල ගාන්ධර්වය තට දුන් හෙයින් කීයෙම් නොවෙම්, අපි හැම තා නිසා සැපසේ ඉදුම්හ’’යි සිතා කීමි කීහ, එකල්හි වෛශ්‍යාතොමෝ ගාන්ධර්වයන් අතින් මෙසේ විචාළීය,‛‛කොල දුෂ්ටවූ ගාන්ධර්වය මම කවර දවසෙක තා ලඟට ගියෙම්ද, තෝ මා ලඟට කවර දවසෙක්හි ඈ විරූ එකෙක්දැ’’යි විචාළීය, නග තෙපි මට නොකී පෙව අපි පස්දෙන එක්ව වසන කල්හි ගෘහවාසයක් හා සමානවන්නේය, කිසි උකටලීයක් නැතිව සැපසේ වැද හිඳුම්හයි කියා කීහ, බොධිසත්‍වයෝ තමන්ගේ චරපුරුෂයන් අතින් නියම දැන මුන් පස්දෙනා කී කථාව අසා නියම දැන මුන් පස්දෙනා නොසොර නියාව තත්‍වහෙයින් දැන වැඳිරිය අතින් ඇරගත් පළඳනාව ඇරගණිමි සිතා රත්පලස් හුයෙන් බොහෝ පළඳනා කරවා උයනේ වැඳිරියන් අල්වාගෙණ අතපයද කරද පළස් හුයෙන් කළ බොහෝ පළඳනා පළඳවා උයනේම අළුවාහුය, දලහර පළඳනාව ගත් වැඳිරි තොමෝ තමා ඇරගත් පළඳනාව රකිමින් උයනෙහි උන්නීය, බෝධිසත්වයෝ මනුෂ්‍යයන්ට මෙසේ විධාන කළහ, තොපි හැම ගොසින් උයන වැඳිරියන් හැමදෙනාම පරීක්ෂා කරව, යම් වැඳිරියක අත මුත්හර දුටුනම් ඈ භයගන්වා පළඳනාව හැරගණුව’’යි කීහ, එකල්හි වැඳිරියෝ අප විසින් පළඳනා ලබන ලදැයි තුටුපහටු සිත් ඇතියාවූ උයනෙහි ඇවිදිනාහුය, කිසිකෙනෙක් පලස්හු පළඳනා ලදින් පළඳනා නොලත් වැඳිරියන් ලඟට ගොසින් අපගේ අතකර පළඳනා බලව, තොපි නොලද්දේවවදැයි කියා කීහ. එකල්හි පලස් පළඳනාව නොලත් වැඳිරි තොමෝ එක් සෙර වැඳිරියක් කියන්නාවූ බස් සහනයකොට ගතනොහී ගුණමකුව සෙසු වැඳිරියන්ට මෙලෙස කිව, තෙල සෙවූ පලස්හු පළඳනාවෙන් මට ප්‍රයෝජන කිම්දැයි තමා සඟවාගෙණ උන් මහාසාර නම් පළඳනාව තමාගේ කරේ ලාගෙණ නික්මුණාය,එසේ ඈ මුත්හර කර ලාගෙණ නික්මුණු කල්හි පණ්ඩිතයන්ගේ චරපුරුෂයෝද දැක වැඳිරිය භයගන්වා පළඳනාව එලවාගෙණ අවුත් බෝධිසත්වයන්ට දුන්හ. එකල්හි බෝධිසත්වයෝද මුත්හර ගෙන්වා ගෙණගොස් රජ්ජුරුවන්ට පෑහ. මහරජ්ජුරුවෙනි මේ නුඹ වහන්සේගේ මුත්හරය, නුඹවහන්සේ සිරගෙයි ලැවූ පස්දෙනම සොරකම් නොකළාහුය, මඟුල්උයනේ වැඳිරියන් විසින් මේ මුත්හරය ගෙණයන ලදැ’යි කීකල්හි පණ්ඩිතයෙනි ඒ මුත්හරය වැඳිරි ඇරගත්තා කෙසේ දතද? ඇරගත් දෙය කෙසේ ගෙන්වාගතුදැයි විචාළහ ආදීයෙහි පටන් සියළු ප්‍රවෘත්තතිය මහ රජ්ජුරුවන්ට බෝධිසත්වයෝ විස්තර වශයෙන් කීවාහුය, රජ්ජුරුවෝ සතුටු සිත් ඇතියාහු මෙසේ සිතුවාහුය, සටනක් පැමිණි අවස්ථාවෙහි සටන ජය ගන්ට නිසි සුරවීර යෝධභටයෝ වියයුත්තාහුය. කාරිය චිත්තාවක් පැමිණි කල්හි එබඳු කාරිය මෙම කටයුතුයයි කළමැනවැයි නියමකරන්ට නිසි අමාත්‍යයෝද සෙවියයුතු වන්නාහ, මධුරවූ අන්නපානාදියක් ලත් කල්හි ප්‍රියවූ බන්ධු මිත්‍රාදීහු සිහිකටයුතු වන්නේය, අත්ථගාම්භීර ධර්මගාම්භීරයෙන් යුක්තවූ ප්‍රතිභාගයක් දුටු කල්හි නුවණැති පණ්ඩිතවරහු සෙවියයුත්තාහුයයි මෙසේ රජ්ජුරුවෝ බෝධිසත්වයන්ට ස්තූතිකොට ඝනවර්ෂාවක් වස්වන්නාවූ මහා මෙඝයක් පරිද්දෙන් සත්රුවන් පූජාකොට ඒ බෝධිසත්වයන්ගේ අවවාදයෙහි සිට දිවිපමණින් දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. මහබෝසතානෝද දිවිපමණින් දානාදී පින්කම් කොට තමන්ගේ කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ජාතක ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා අනඳ මහතෙරුන්වහන්සේගේ ගුණ වර්ණනා කොට වදාරා ජාතකය පූර්වපරසන්ධි ගළපා නිමවා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි පුරණ ලද පාරමිතා ඇති අප මහබෝසතානෝ සියළු අෂ්ටාදස විiාඞඝානයෙහි ඉගෙණ කෙළපැමිණියාවූ අමාත්‍යයෙක්ව රජ්ජුරුවන්ට අර්ථයෙන් අනුශාසනා කරන්නාහු වෙති, එසමයෙහි එක්දවසක් බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවෝ මහත්වූ පෙළහරින් උයන් කෙළියට ගොසින් වන ක්‍රීඩා කොට දියකෙළිනා කැමතිව මහරජ්ජුරුවෝ මඟුල් පොකුණට බැස අනතඃපුර සියළු ස්ත්‍රී සමූහයාද දියකෙළියට ගෙන්වූවාහුය, ඉක්බිති පුරස්ත්‍රීහු ඉස පළඳනා වූද කරපළඳනාවූද පාද පාදාංගුලි පාදාහරණ පාසලඹ කිංකිණික ජාලා ජංඝාපාන ඌරුජාලා කටීසූත්‍ර උදරබන්ධන අවුල්හර මුත් හර තෝඩු සිරෝජාලා මේ ආදීවූ ආභරණ විශේෂයෙන් ගලවා උතුරු සළුවෙක්හි බහා උතුරුසළුව සුමුගෙක බහා වස්තු රකිනා පරිද්දෙන් දාසීන් අතට පාවාදී ජලක්‍රීඩාවට බටුවාහුය, එසමයෙහි එක් වැඳිරියෙක් උයනෙ එක්තරා ගසෙක සාඛාවෙහි බලාගෙණ උන්නීය, එකල්හි බිසවූ සියළු පළඳනා ගළවා උතුරුසළුවෙක්හි බහා ඇතුළෙහි තබන්නාවුන් දැක ඒ මුත්හරගෙණ තොමෝද පළඳනා කැමැත්තී රැකවල උන්නාවූ දාසියගේ ප්‍රමාදභාවයක් බල බලා උන්නීද එකල්හි ඒ දාසිද පළඳනා සුමූගෙක තබාගෙණ ඈත්මෑත් බල බලා උන්තැනැත්තීද නිදා උන්නිවුව, එකල්හි වැඳිරිතොමෝ දාසියගේ ප්‍රමාදභාවය දැක පවනට බඳුවූ වේගයෙන් යුහුව දිවගෙණ ගොස් මහමුත් හර තමා කරපළඳගෙණ පවනට බඳුවූ වේගයෙන්ම යුහුව දිවගෙණ ගොස් රුකට නැගී කොල අතුරෙහිලා සැඟවී හිඳ සෙසු වැඳිරියෝ දකිති යන භයෙන් එක්තරා ගස්සිදුරෙක්හි සඟවා අතිශයින්ම සන්හුන් කෙණෙක් මෙන් ඒ මුත්හර රකිමින් උන්නාවූව, ඒ බිසෝ පළඳනා රැක උන්නාවූ දාසිවූ මුත්හර නොදක්නා තැනැත්තී භයින් වෙවිලන ස්වරූප ඇති තැනැත්ති තමා ගැලවී ගන්නා අනික් උපායක් සොයන තැනැත්තී පුරුෂයෙක් බිසවුන්වහන්සේ මුත්හර හැරගෙන දිවපියයි මහත් කොට අඬළූය. ආරක්ෂාවෙහි සිටි පුරුෂයෝ ඒ ස්ථානයෙන් රැස්ව ඒ දාසියගේ බස් අසා රජ්ජුරුවන්ට දැන් වූවාහුය, එකෙණෙහි රජ්ජුරුවෝ සොරුන් වහා අල්වයි කියමින් අමාත්‍යයන් ගෙන්වාගෙණ සොරුන් අල්වන පරිද්දෙන් වෙන වෙන නියෝග කළහ. රාජපුරුෂයෝද උයනින් පිටත්ව සොරුන් අල්වයි කියමින් ඈතමෑත සොරුන් පරීක්ෂා කරමින් ඇවිදිනාහුය. එකල්හි දනව්වාසී අය පඬුරු පසිඳ යන දුක්පත් මිනිසෙක් බොහෝ දෙනාගෙන් සොරුන් අල්ලව යන ඝෝෂාව අසා තමා කෙරෙහිලා භයින භයපත්ව යුහුව දිවන්ට වන. එසේ දිවන්නාවූ පුරුෂයා දැක සොරකම් කළ මේ පුරුෂයාවනැයි සිතා ඔහු ළුහුබඳවාගෙණ ගොස් අල්වාගෙණ අතින් මරා තළා එම්බල දුෂ්ටවූ සොර මහාසාර නම් පළඳනාව හැරගත්තෙහිදැයි විචාළහ. එකල්හි ඒ පුරුෂයා මෙසේ සිතීය. ඉදින් මම නොගතිමි කීන්නම් අද මාගේ ජීවිතය නැත. මෙතනදීම තළා මරා ජීවිතය හැරගන්නාහුය. නැතැයි නොකියා උන් කී දෙයම ගිවිසීම් සිතා ස්වාමීනි මම හැරගතිමි කීහ. ඉක්බිත්තෙන් රාජපුරුෂයෝ ඔහු පිටිතල භයා බැඳ රජ්ජුරුවන් සමීපයට ගෙණගියාහ. රජ්ජුරුවෝද ඔහු අතින් මෙසේ විචාළහ. කොළ තා විසින් මහාසාර නම්වූ පළඳනාව ගන්නාලද්දැයි විචාළහ. එසේය දේවයන්වහන්ස මා විසින් මහාසාර නම් ඇඳෙක් පුටුවකුත් නොදක්නාලද විය, සිටානන්ගේ කීමෙන් පළඳනාව ඇරගෙණ උන්ට දිනිමි කීය. රජ්ජුරුවෝ ඒ සිටානන් ගෙන්වා ඔහු අතින් මහාසාර නම් පළඳනාවෙක් සිටානෙනි තොප විසින් ගන්නාලද්දැයි විචාළහ. සිටානෝ නොදනිති නොකියා දේවයිනි මහාසාර නම් පළඳනාව මොහු අතින්ම මම ඇරගෙණ පුරෝහිතයන්ට දිනිමි කීය. රජ්ජුරුවෝ පුරෝහිත බමුණා ගෙන්වා කීමෙක්ද පුරෝහිතයෙනි තොප විසින් මහාසාර නම් ළඳනාව ගන්නාලද්දැයි විචාළ කල්හි එසේය දේවයෙනි මම හැරගෙණ ගාන්ධර්වයාහට දිනිමි කීය. ඒ ගාන්ධර්වයා ගෙන්වා ‛‛කොල ගාන්ධර්වයෙනි පුරෝහිතයන් අතින් මහාසාර නම් පළඳනාව ගන්නාලද්දේදැ’’යි විචාළහ. ගාන්ධර්වයා නැතැයි නොකියා එසේය දේවයනි මම ඇරගෙණ ඒ පළඳනාව කෙලශ වසඟයෙන් මේ නුවර වෛශ්‍යාවට දිනිමි කීහ. රජ්ජුරුවෝ ඒ වෛශ්‍යාවද ගෙන්වා ‛‛තී විසින් මහාසාර නම් පළඳනාව ගන්නාලද්දැ’’යි විචාළ කල්හි ඒ වේලෙහි වෛශ්‍යාදුව කියන්නී දේවයිනි මහාසාර නම් පළඳනාවක් මා පැලැන්දේ නැත, ඔබ්බකින් ලද්දේත් නැතැයි කියා කිව. මෙසේ පස්දෙනා අතින් විචාරන කල්හි හිරු අසතයට ගියේය. එකෙණෙහ රජ්ජුරුවෝද ‛‛දැන් වේලා නොවෙයි සෙට විචාරාගණුම්හ’’යි ඒ පස්දෙනාම අමාත්‍යයන් අතට පාවාදී ඇතුළු නුවරට වදනාහ.