මුල් පිටුව ශිලවන්ත බව 187 ශීලානිසංශ ජාතකය

187 ශීලානිසංශ ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද ත්‍රිභූවන චුඩාමාණික්‍යවූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උපාසක කෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලද,

ඒ කෙසේද යත්

එක්තරා උපාසකයෙක් බුදුන් දක්නා පිණිස ජේතවනාරාමයට එමින් සිට අතරමග අචිරවතී නම් ගංගාවක් දැක ගංගාවේ ඔරු පාරු පදින තොටියා නොදැක එවිට සිතන්නාහූ ඔරුපාරු නැතැයි කිම්ද බුද්ධාලඹන ප්‍රීතියෙමියි සිතා දියට බැස ගල්පොත්තක යන්නාසේ නික්මුණාහ. ගංඟාව මධ්‍යයට ගියකල ගඟදැලයෙන් බිඳිනා රලදැක බුද්ධාලම්භන ප්‍රීතිය යම්තෙමෙක් අඩුවිය. එවෙලාවට පැනෙයිපය ගැලෙන්ටවන, නැවත බුද්ධාලම්භන ප්‍රීතිය උපදවා දියපිටින් ගොසින් බුදුන් දකින්නට ගියාහ. එවිට සර්වඥයෝ උපාසකයෙගෙන් සෙමෙන් අව්දැයි විචාරන්නා එසේය ස්වාමින් වහන්ස බුද්ධාලම්භන ප්‍රීතියෙන් අචිරවතී නම් ගංඟාවෙන් ගල්තලක්පිට එන්නාසේ ආමි ස්වාමීනි කීය. එබස් සර්වඥයෝ අසා උපාසකය පළමුත් උපාසකවරු බුද්ධාලඹන ප්‍රීතියෙන් ජීවිතය රැකගත්තෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්‍යය කරණ සමයෙහි කාශ්‍යප බුදුන්ගේ අනාගාමී උපාසකයෙකු පඩව්නැගෙන්නට යන අවස්ථාවට එක්තරා කරනැමියෙකුත් පඩව් නැන්ගේය. ඒ කරනැමියාගේ භාර්යාවද උපාසකයන්ට කරනැමියා පාවාදී පැමිණිදුකක් සුවයෙක බැඳෙවයි කියා කිව, යහපතැයි ගිවිස දෙන්නම් පඩව්නැගී සත්දවසක් සමුදුයාත්‍රාකොට සත්වෙනි දවසේ පඩව් බුන්කල්හි ලැල්ලක් පිට උපාසකයන් හා කරනැමියන් හා දෙන්න ලෑල්ල බඩතියාගෙණ පීනාගෙණ ගොස් දිවයිනකට පාවගියහ. එවිට කරනැමියා දිවයිනක බොහෝ පක්ෂීන් මරා කා උපාසකයාටත් දෙයි උපාසකයා සිතන්නාහූ මෙතන සරණයෙක් නම් බුද්ධ, ධම්මය, සංඝය, යන ත්‍රිරත්නය විනා අනික් සරණයෙක් නැතැයි කියා සිතා ඉන්නාහ. එවෙලාවට මහාසමුද්‍රයෙහි වසන්නාවූ නාගරාජයෙක් තමාකය සත්රුවන් පිරු නැවක් මෙන් මවාගෙණ, ඒ සමුද්‍රයේ වසන්නා වූ දේවතාවා මාලනී වෙසක් මවාගෙණ උපාසකයන් වසනස්ථානයට ගොස් බරණැස්නුවරට යන්නෝ ඇද්දයි අඬ ගැසීය. එවිට උපාසක අපි බරණැස්නුවරට යම්මැයි කියා එවිට යහපත තොප නිසා ගෙනා නැවය තොප නැගෙවයි කීහ. උපාසකයා කරනැමියාට නැංගෙන්ට අඬගැසීය. එවිට දේවතාවා කියන්නේ තොප විනා උන් නැංගන්ට අවසර නැතැයි කීය. ඇයි උන් නැංගෙන්නට බැරි කවර කාරණයක් නිසාදැයි විචාරන්නා තිසරණ පිහිටි කෙණෙක් විනා තිසරණ නොපිහිටියන් නැංගනැතැයි කීහ. එවිට උපාසකයෝ මා ගත්තාවූ යම්සීලයෙක් ඇත්නම් තොපිත් අනුමෝදම් වේවයි කීහ. එවිට කරනැමියාත් ස්වාමීනි මාගේ අතින් පිනක් කොටගත නුහුනු වත් නුඹ වහන්සේ දුන් පින් අනුමෝදන්වෙමි කියා සිත සුද්ධකොට පින් අනුමෝවගත. එවිට කරනැමියාත් නැවට නන්වාගෙණ දෙන්නා මුදින් ගඟට බාගෙණ ගඟ ඔස්සේ ගොසින් බරණැස් නුවරට බා දෙන්නාගේ ගෙවලට වෙන වෙනම සම්පත් සලස්වා ආකාශයේ සිට කියන දිව්‍යපුත්‍ර බරණැස්නුවරට සත්වයන්ට ඇසෙන සැටියේ යම්කෙණෙක් සත්පුරුෂවූ වාසයෙන් හා තුනුරුවන් කෙරෙහිම මාන ඇතිව වෙසෙත්නම් ඒසේ වූ සත්වයාට සමුද්‍ර මධ්‍යයේදී ප්‍රතිෂ්ඨාව පෙනෙන්නේ වේදැයි කියා නැවත කියන්නාහූ යම්සේ සත්පුරුෂයන් හා සමගාමීවිවෙහි ආනුභාවයෙන් කිසිගුණයක්නැති කරනැමියාත් ප්‍රතිස්ථාවක් ලද්දේවේදැයි කිහයි. වදාරා ශිලානිසංශ ජාතකය නිමවා වදාල සේකි. එසමයෙහි උපාසකයෝ නිවන්දැක පූහ, එසමයෙහි නාගරාජයා නම් ශාරිපුත්‍ර මහාස්ථවිරය, දේවතාව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. මේ බණ අවසානයේහිදී මේ උපාසක සකෘදාගාමී මාර්ගයට පැමිණියා.