මුල් පිටුව ශිලවන්ත බව 102 පණ්ණික ජාතකය

102 පණ්ණික ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)
තවද එක්සමයෙක්හි අසිත්‍යනුව්‍යංජනයෙන් යුක්තවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක්. එක් පණ්ණික උපාසකයක්හු අරභයා මේ ජාතකය වදාළසේක. ඒ පණ්ණික නම් උපාසකයා සැවැත් නුවර වැසි සැදෑ ඇති රත්නත්‍රයෙහි ප්‍රසන්නවූ එක් උපාසකයෙක. ඒතෙම අනේකප්‍රකාරයෙන් ඉඟුරු කසා ආදියද තම්පලා ආදීවූ පලාකොල හා ලබුපුසුල් ආදිය විකොට ජීවත්වන්නේය. ඒ උපාසකයාගේ එක් දුවක් ඉතා විශේෂ රූ ඇත්තීය, බැලූබැලූවන්ට ප්‍රසාද එලවන්නීය, ආචාරශීලයෙන් යුක්තය, භය ලජ්ජා දෙකින් සමන්විතය, හුදක් හැමවේලෙහි සිනාමුසු මුහුණු ඇත්තීය. ඒ කුමාරිකා සමානජාති ඇත්තාවූ කුලයකින් පුරුෂයන් අවුත් විවාහ නිසා විචාළකල්හි කුමාරිකාවන්ගේ පියානෝ මෙසේ සිතූහ, මේ කුමාරිකාව ඔබ්බෙත් පුරුෂයෝ ඇවිත් විචාර ගියෝය, මෝතොමෝත් හැමවේලෙහිම සතුටුවූ මුහුණු ඇත්තීය, කුමාරිකා ධර්මය නැති බැවින් කුමාරිකාවන් අන්කුලයට ගියකල්හි දෙමව්පියන්ට නින්දා වන්නේය, එසේහෙයින් මේ කුමාරිකාවට කුමාරිකා ධර්මය ඇද්දෝහෝයි නැද්දෝහෝයි පරීක්ෂාකෙරෙමියි සිතා ඒ උපාසකයා එක් දවසක් දුව ලවා පෙට්ටියක් ගෙන්වා ගෙණ වලින් පලාකඩනු සඳහා වලට ගොස් පරීක්ෂා කිරීම් වශයෙන් කෙලශ නිශ්‍රිතවූවාක්හු මෙන් රහස් කියා ඒ කුමාරිකාවගේ අත අල්වාගත්තුය, ඒ කුමාරිකාව අත අල්වාගත් පමණකින් අඬමින් වලපමින් කියන්නී පියානන් වහන්ස මේ නුඹ වහන්සේට සුදුසු නොවෙයි, දියෙන් ගිනිනැන්ගා හා සමානය, එසේ හෙයින් නුඹවහන්සේ මෙබන්දක් නොකළමැනවැයි කිව. එබස් ඇසූ පියානෝ මෑනියෙනි මා විසින් තොප පරීක්ෂා කරුණු පිණිස තොප අල්වා ගන්නාලද දැන්වූකලී යවයි කිමෙක්ද තොපට කුමාරිකා ධර්මය ඇද්දනැද්දැයි විචාළේය. එසේහෙයින් පියානන් වහන්ස මට කුමාරිකා ධර්මය ඇත, මම ලෝභ වශයෙන් පුරුෂයෙකුගේ මුහුණ පමණකුත් නොබැළුවිරූමැයි කිවූය. එබස් ඇසූ පියානෝ දුවනියන් අස්වසාලා ගෙටගොස් මගුල්කොට අන්පුරුෂයෙකුට පාවාදී සර්වඥයන්වහන්සේට නමස්කාර කරමි කියා ගඳදුම් මල්පහන් ආදිය ගත් අත් ඇතිව ජේතවනයට ගොස් බුදුරජානන්වහන්සේට වැඳපුදා එකත්පස්ව උන්නාහුය. එකල්හි සර්වඥයන් වහන්සේ විසින් උපාසකයෙනි තොප කල්යවා ආයේ කුමක්නිසාදැයි කීකල්හි එපවත් සර්වඥයන්වහන්සේට දැන්වීය, සර්වඥයන්වහන්සේ උපාසකය මේ කුමාරිකාව බොහෝ කලක පටන් ආචාර ශීලයෙන් යුක්තය, තෝ වූකලී කුමාරිකාව දැන්මතු පරීක්ෂා කළෝ නොවෙයි පෙරත් පරීක්ෂා කෙළෙහිම් වේදැයි වදාරා ඒ උපාසකයා විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි අප මහබෝසතානෝ වනයෙහි වෘක්ෂ දේවතාව උපන්සේක. එකල්හි බරණැස් නුවර පණ්ණික නම් උපාසකයෝය යනාදීවූ සියල්ල වර්තමාන කථාව හා සමානවන්නේය. ඒ උපාසකයා විසින් පරීක්ෂා කරණ පිණිස අත අල්වාගන්නාලදුව අඬමින් වළපමින් කියන්නී යම් පියානකෙනෙක් කායික වෛතසික දුක්ඛයෙන් පීඩිතවූ තැනැත්තීට පිහිටවෙද්ද එසේවූ මාගේ පියානන්වහන්සේ දැන් මේ වනඬ්‍යයෙහිදී මෙබඳු මිත්‍රද්‍රෝහිවූ කර්මයක් කරණ සේක. එසේහෙයින් මේ වනමඬ්‍යයෙහිදීම කවුරුන්ට අඬම්ද යම් පියාන කෙණෙකුන් වහන්සේ මට පිහිටවන්ට රක්ෂා ස්ථානවන්ට සුදුසුසේක්වීනම් එසේවූ පියානන්වහන්සේද දැන් සාහසිකවූ රෞද්‍ර ක්‍රියාවක් කරණසේක. එසේහෙයින් මම දැන් කව්රුන්ගේ නම කියා අඬම්දැයි දෙවතොපජක්‍ඩායනයක් කරන්නාක් මෙන් මුරගා ඇඬූය. එකල්හි ඒ කුමාරිකාවගේ පියානෝ කුමාරිකාව අස්වසාලා මෑනියෙනි තොපි කුමාරිකා ධර්මය රැක්කෝවේදැයි විචාළේය. එසේය පියානන්වහන්ස මම රැක්කෙමි කීකල්හි ඒ කුමාරිකාව ගෙට කැඳවාගෙණ ගොස් මඟුල්කොට අන්කුලයක පුරුෂයෙකුට පාවාදුන්නුය. ශාස්තෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශකොට වදාරා මේ පණ්ණික ජාතකය නිමවා වදාළසේක. චතුසසත්‍ය ධර්ම දේශනාවගේ කෙළවර උපාසකයා සෝවාන් පෙළෙහි පිහිටියේය. එසමයෙහි දූනම් දැන් දූමය, ඒ කාරණය ප්‍රත්‍යක්ෂ කොට දුටුවාවු වෘක්ෂ දේවතා වුයෙම්. තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.