මුල් පිටුව ශිලවන්ත බව 86 සීලවිමංස ජාතකය

86 සීලවිමංස ජාතකය

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

තවද එක්සමයෙක්හි සීලසමාධි ප්‍රඥාවෙන් යුකතවූ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වැඩවසනසේක්. සිල් පරීක්‍ෂාකරන්නාවූ බ්‍රාහමණයෙකු අරභයා මේ ජාතකය වද්‍රළසේක.

එබ්‍රාහමණතෙමේ කොසොල්රජ්ජුරුවන් නිසා ජීවත්වන්නේය, තිසරණ ගතය, අඛඬපචසීලය. රක්‍ෂාකරන්නේය, වෙදත්‍රයෙහි පරතෙරට පැමිණියේය. රජ්ජුරුවෝ මේ තෙමේ සිල්වතැයි ඕහට අධිකවූ සත්කාර සම්මාන කෙරෙති. ඉතා ගරුකොට සලකති, එකල බ්‍රාහමණයා මෙසේ සිතීය, කිමෙක්ද මේ රජ්ජුරුවෝ මාගේ ජාතිකුල ප්‍රදෙස සමුර්ධිය නිසා මට සත්කාර සම්මාන කරණසේක් ද්‍රෝහෝයි නොහොත් සීලසමුර්ධිය නිසා සම්භාවනා කරණසේක් ද්‍රෝහෝයි එසේ හෙයින් මා පළමුකොට පරීක්‍ෂාකොට පුව මනාවේ දැයි සිතා ඒ බ්‍රාහමණයා එක්දවසක් රජ්ජුරුවන්ට සේවයට ගෙට යන්නේ එක්වන්නකු පුරුෂයෙකුගේ පෝරුවෙන් නොකියා එක්කහවණුවක් ඇරගෙණ ගියේය, ඒ දැක වන්නක්කා බ්‍රාහමණයා කෙරෙහි ගරුත්‍වයෙන් කිසිවක් නොකියා උන්නේය, නැවත එක්දවසක් කහවණු දෙකක් ගත්තේය, ඒ වනනකු පුරුෂයා ඒ දවසුත් එසේම ඉවසූයේය, බමුණා තුන්වෙනි දවස් කහවණු මිටක් හැරගත්තේය. ඉක්බිත්තෙන් වන්නකු පුරුෂයා ඕහට කියන්නේ එමබල බ්‍රාහමණය රජ්ජුරුවන්ගේ රාජභාණ්ඩාගාරය සොරකම් කරන්නේ අදට තුන්දවසක් නොවේදැයි කීය, මෙසේ කියා තමා විසින් රාජභාණ්ඩාරය සොරකම් කරන්නාවූ සොර අල්වාගන්නාලද දැයි තුන්විටෙක අඬගැසූයේය, එකල ඔහු සමීපයට මනුෂ්‍යයෝ ඈතින් මෑතින් අවුත් බොහෝ දවසක් සිල්වත් එකකුමෙන් ඇවිදිනේ නොවේද දැන් තා කළේ කිම්දැයි පහරකීපයක් ගසාපියා බැඳ ගෙණ රජ්ජුරුවන්ට දැන්වූහ. රජ්ජුරුවෝ ඔහු දැක කලකිරී බමුණ කවර කාරණයකින් මෙබඳුවූ දුස්සීල ක්‍රියාවන් කෙළෙහිදැයි කියා ඇරගෙණ යව මෝහට රාජාඥකරවයි කිවූය, බමුණා රජ්ජුරුවන් වහන්ස මා රාජභාණ්ඩාගාර සොරකම් කළේ නැතැයි කීය, එසේකල කුමක් නිසා වන්නක්කාගේ සල්පිල පෝරුවෙන් කහවණු ගතීදැයි ඇසූය, රජ්ජුරුවන්වහන්ස එසේකළේ නුඹවහන්සේ මට අධිකකොට සත්කාර සම්මාන කොට සම්භාවනා කරණහෙයින් කිමෙක්ද මේ රජ්ජුරුවන්වහන්සේ මාගේ ජාත්‍යාදිය නිසා මට අධික කොට සම්භාවනා කරණසේක් ද්‍රෝහෝයි නොහොත් සීලය නිසා සම්භාවනා කරණසේක් ද්‍රෝහෝයි පරීක්‍ෂාකරණ පිණිස කෙළෙමි, දැන් වූකලී මා විසින් ඒකානතයෙන් රජ්ජුරුවන්වහන්සේ මට සම්භාවනාකෙළේ සීලය නිසාමය, ජාත්‍යාදියක් නිසා නෙවෙයි දන්නාලද, එතකුදු උවත් දැන් නුඹවහන්සේ මට රාජාඥ කරමින් සිටිසේක. එහෙයින් මම එකානතයෙන් මේ ලෝකයෙහි සීලයම උතතමය සීලයම ප්‍රධානයයි නිෂඨාවට ගියෙමි, මම මේ සීලයම සුදුසු කාරියක් කෙරෙම් නම් ගිහිගෙයි සිට පචකාමය අනුභවකෙරෙමින් කොටගත නොහෙම්, අදම ජෙතවනයට ගොස් සර්‍වඥයන්වහන්සේ සමීපයෙහි මහණ වෙමි සවාමිනි මට මහණවීමට අවසර දුනමැනවැයි කියා රජ්ජුරුවන් අනු දන්වා ජෙතවනයට අභිමුඛ ගියේය, ඉක්බිත්තෙන් ඔහුගේ ඤතිමිත්‍රයන් හා බන්‍ධුන් රැස්ව මහණවීමට යාම වළකාගත නොහී නැවත ගියෝය, ඒ බමුණා බුදුරජානන්වහන්සේ සමීපයට ගොස් ප්‍රව්‍රජ්‍යාව ඉල්වා ප්‍රව්‍රජ්‍යාවත් උපසමපදත් ලැබ කමටහත් මෙනෙහි කොට විදර්‍ශනා වඩා රහත්ව සර්‍වඥයන්වහන්සේ කරාගොස් සවාමීනි මාගේ ප්‍රව්‍රජ්‍යාව මසතකප්‍රාප්තවීයයි තමන් වහන්සේ අර්‍හත් ඵලයලත් නියාව ප්‍රකාශ කළසේක. උන්වහන්සේගේ අර්ගත්‍වය ප්‍රකාශ කිරීම භික්‍ෂු සඞඝයා කෙරෙහි ප්‍රසිඬවිය. ඉක්බිත්තෙන් එක්දවසක් දම්සභාමණඩපයෙහි රැස්වූ භික්‍ෂූන්වහන්සේ ‛‛ඇවැත්නි අසවල් කොසොල්රජ්ජුරුවන්ගේ උපසථායකයා වූ බමුණා තමාගේ සීලය පරීක්‍ෂා කොට රජ්ජුරුවන් අනුදන්වා මහණව අර්හත් ඵලයෙන් පිහිටියේය’’යි ඒ භික්‍ෂූන්වහන්සේගේ ගුණ කියමින් උන්සේක. සර්‍වඥයන් වහන්සේ දම්සභා මණඩපයට වැඩවද්‍රරා ‛‛මහණෙනි දැන් කවර කථාවකින් යුකතව උනුදැ’’යි විචාරා ‛‛මෙනම් කථාවකින් යුකතව උනුම්හ’’යි කීකල්හි මහණෙනි තමාගේ සීලය පරීක්‍ෂාකොට පැවිදිව තමන්ට පිහිටක් කළෝයයි වදාරා ඉකුත් වත් දක්වා වද්‍රළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරුකෙණෙකුත් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ ඒ රජ්ජුරුවන්ට පුරෝහිතවූහ. දන්දීමෙහි බලවත් වූ ඇළුම් ඇත්තෝය, සිල්රක්‍ෂාකිරීමෙහිද බලවත්වූ ඇළුම් ඇත්තෝම අඛණ්ඩ පඤචසීලය රක්‍ෂාකෙරෙති, රජ්ජුරුවෝ සෙසු බමුණන්ට වඩා උතතරිතර කෙරෙති යන සියල්ලම පළමුකියන ලද්ද හා සද්‍රශවන්නේය, මහබෝසතානෝ සොරකම් කළෝයයි බැඳගෙණ රජ්ජුරුවන් සමීපයට ගෙණ යන කල්හි අහිගුණ්ඨිකයෝ වීථිමඬ්‍යයෙහි සර්‍පයින් කෙළවන්නාහුය, නගුට අල්වති, බොටුව අල්වති, සර්‍පයා අල්වාගෙණ තමන්ගේ කරවට වෙළති, එකල බොධිසත්‍වයෝ ඔවුන් දැක දරුවෙනි මේ සර්‍පයාගේ නගුට නාල්ලව, බොටුවෙහි නොවෙළව, මේ සර්‍පයා තොප දෂ්ටකළේවීනම් තොප ජීවිතක්‍ෂයට පමුණුවන්නේයයි කිවූය, අහිගුණ්ඨිකයෝ කියන්නෝ ‛‛බමුණ මේ සර්‍පයා සිල්වත, ආචාරසමපනනය, තාසේ දුස්සීල නොවෙයි, තෝ වූකලී තාගේ දුස්සීල බැවින් අනාචාරයෙන් රාජභාණ්ඩාගාර සොරකම්කොට සොරායයි දැන් බැඳ ගෙණ යන ලද්දේය’’යි කිවූය, එකෙණෙහි බොධිසත්‍වයෝ මෙසේ සිතූහ. සර්‍පයෝ පවා දෂට නොකිරීමෙන් අනුන්ට හිංසා පීඩා නොකිරීමෙන් සිල්වත්හයි නම් ලැබති, මනුෂ්‍යයන් කෙරෙහි එවැනිගුණ විශෙෂයක් පිහිටියේ වීනම් කියනු කීමෙක්ද මේ ලෝකයෙහි සත්පුරුෂයන් විසින් රක්‍ෂා කරණලද දශශීල දෂටාඬගසල ආදී සියල්ලම උතුම් වන්නේය. ඒ ශීලයට වඩා ශ්‍රෙෂඨතර වසතුවෙක් ලෝකයෙහි නැත්තේයයි සිතූහ, එකෙණෙහි ඒ රාජපුරුෂයෝ ඒ බ්‍රාහමණයා ගෙණ ගොස් රජ්ජුරුවන්ට දැක්වූහ, ඉක්බිත්තෙන් රජ්ජුරුවන් විසින් ‛‛කොල මේ කීමෙක්දැ’’යි විචාරණලද රාජපුරුෂයෝ මෙසේ දැන්වූහ. දෙවයන්වහන්ස මේ බ්‍රාහමණ තෙමේ රාජභාඬාගාර සොරකම් කරණලද සොරෙකැයි කියා දැන්වූ කල්හි රජ්ජුරුවෝ අමාත්‍යයන්ට නියෝගකරන්නාහු ‛කොල මේ බ්‍රාහමණයා විසින් රෑ දවල් මෙසේම සොරකමෙහි ලා යෙදී වාසය කරන්නේ වීනම් ඕහට රාජාඥාවකරව’යි නියෝගකළ කල්හි බ්‍රාහමණ තෙමේ රජ්ජුරුවන්ට කියන්නේ රජ්ජුරුවන්වහන්ස මා කළ සොරකමෙක් නැතැයි කියා දැන්වීය, එසේකල කුමක් හෙයින් වසතු හැරගත්තෙහි දැයි විචාළ කල්හි බ්‍රාහමණතෙම පළමු කී පරිද්දෙන්ම තමා සොරකම් කළ කාරණා රජ්ජුරුවන්ට දන්වන්නේ ඒ කාරණයෙන් මම මේ ලෝකයෙහි ලා සිටියමැණවැයි දේවයන්වහන්ස ලෝකයෙහි ලාමක මෙවැනි ආශීර්විෂයෝ පවා අනුන් දෂට නොකිරීමෙන් සිල්වත්යයි බොහෝදෙනා විසින් ප්‍රශංසා කටයුතු වන්නාහුය, මේ කාරණයෙනුත් ශීපයම උතුම් වන්නේය, ශීලයම ශ්‍රෙෂඨවන්නේයයි ශීලාදී ගුණයට ප්‍රශංසා කරන්නේ මෙසේ කීය, මහරජ මේ ලෝකයෙහි කයින් වචසින් මනසින් අව්‍යතික්‍රම සංඛ්‍යාතවූ ආචාර සීලයම ශ්‍රෙෂඨවන්නේය, තවද මහරජ අඛණඩාදී භාවයෙන් රක්‍ෂා කරණ ලද්දාවූ පංචසීල අෂටාඞගසීල දශසීලාදීවූ සීලයම නිරුතතරවන්නේය, ශේර්‍‍රෂඨවන්නේය. ඝොරවිෂ තෙජස් ඇත්තාවූ ආශීර්විෂයෝ පවා සිල්වතතුයයි සත්පුරුෂයන් විසින් ප්‍රශංසාවට පැමිණියෝ යයි අතරමගදී තමා දුටුකාරණා අභිමුඛ කොට දක්වා රජ්ජුරුවන්ට මෙසේ ධර්‍මදෙශනා කොට වසතුකාම කෙලශකාමයන් හැර සෘෂිව්‍රජ්‍යාවෙන් මහණව හිමාලයවනයට වැද පඤචාභිඥා අෂටසමාපතති උපදවා චුතිප්‍රතිසන්‍ධිවශයෙන් බ්‍රහමලෝකය පරම ප්‍රතිෂඨා කළේයයි ශාසතෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙණ හැර දක්වා වද්‍රරා පූර්‍වාපරකථාව ගළපා මේ සීලවිමංස ජාතකය නිමවා වද්‍රළසේක.

එසමයෙහි රජපිරිස් නම් දැන් බුදුපිරිස්වූවාය. එසමයෙහි පුරෝහිත බ්‍රාහමණයා නම් දැන් බුදුවූ මම්මයයි දක්වා වද්‍රළසේක.