384 චතුත්‍ථි කාක ජාතකය

මුද්‍රණය

තවද අසන්නවුන් කන්හි අමා නමන මධුර ධර්මදේශනා ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනා සමයෙහි ලෝභී භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වනාහි වර්ථමාන කථාව යට කියන ලද ජාතකවල පෙනෙන්නේය.

මෙහි වනාහි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ පරෙවි ව උපන්නාහ. බෝධිසත්වයන් බරණැස් නුවර අරක්කැමියෙක් ගෙණවුත් වඩනේය. කවුඩකුත් බෝධිසත්වයන් උන් මැදිරියට අවුත් උන්නේය. කවුඩා අල්වාගෙණ පළමු ජාතකවල කිවාක්මෙන්ම නොයෙක් වධ පමුණවා ශරීරයේ පියාකොළ ඇම උදුරවා දම්මා සුදුපෑකොට ඇති බෙල්ලේ කැබිලිත්තකුත් විද අමුණුවා බැඳ එතන ලා ගියහ. බෝධිසත්වයෝ කවුඩානන් දැක කියන්නේ නාපිතයන් ගෙන්වා ශරීරයේ ලොමුත් බා ඉන්ද්‍රනීල මාණික්‍යකුත් කරබැඳ කළඳැ යහපතැයි කිහ කපුටුවා කියන්නේ නාපිතයන් ගෙන්වා ලොමුත් බාවා ඉන්ද්‍රනීල මාණික්‍යකුත් තොපගේ කර බන්දවම්දැයි කියා විචාළේය. බෝධිසත්වයෝ කියන්නාහු මෙසේවූ ලොම් බැවිලිත් මෙසේවූ ඉන්ද්‍රනීලමානික්‍යයත් තටමවේද තරම් මට ඉන් ප්‍රයොජ්න කිම්දැයි කිහ. කපුටුවා කියන්නේ බොහෝ දෙන ඉන්ද්‍රනීල මානික්‍ය පලඳිති වෙහෙසන නිසා මේ කැබිලිත්ත විද කරබැන්දේ යයි කීහ. බෝධිසත්වයෝ මෙසේවූ දුස්ටයන් ඉඳිනා තැන ඉඳිම කාරණා නොවෙයි කියා වනාන්තරයට ගියහයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කොට මේ ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යය දේශනාවගේ කෙළවර ඒ ලොල් භික්ෂූන් වහන්සේ ආනාගාමි වූසේක. එසමයෙහි කවුඩානම් මේ ලෝභි වූ භික්ෂූහුය. එසමයෙහි පරෙවිව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළසේක.